දේශීය

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

(UTV |කොළඹ) – 2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.

රට තුළ පවත්නා තත්ත්වය හේතුවෙන් මෙවර අයවැය විවාදය පවත්වන දින ගණන සීමිත කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවීමද තාවකාලිකව අත්හිටුවා තිබේ.

හෙට පස්වරු 1.40 ට එම අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 4 ක් පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනිද්දා සිට ලබන 21 වනදා දක්වාය.

ඒ අනුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනු ඇත.

Related posts

ITSSL සභාපති CID අත්අඩංගුවට

Mohamed Dilsad

රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment