දේශීය

අද දිනට කොරෝනා මරණ 5ක්

(UTV |කොළඹ ) – තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ සමඟ අද දිනට කොරෝනා මරණ 5ක් සිදු වී ඇත.

රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති අතර එය මෙරට 41 වන කොවිඩ් මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම පුද්ගලයා මියගොස් සිටිය දී රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියයාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වී ඇති බවය.

Related posts

යුද හමුදාපති වැඩ අරඹයි

Mohamed Dilsad

මෙරටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට පනවා ඇති නීති ලිහිල් වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය වළක්වන්නැයි පෙත්සම ගොනු කළ නීතිඥයා, අධිකරණය නියෝග කළ ගාස්තුව ගෙවයි.

Editor O

Leave a Comment