දේශීය

ආයුධ රැසක් සමග සැකකරුවන් පිරිසක් STF අත්අඩංගුවට

(UTV | කළුතර) –  අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්යය බළකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ නිළධාරින් විසින් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදීයි එම වාහන තුල තිබී මෙම ආයුධ සොයාගෙන ඇත්තේ.

අවුරුදු 22 ත් 36 ත් අතර වන සැකකරුවන් කලමුල්ල , නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

Related posts

උතුර – නැගෙනහිරට අඟහරුවාදා (10) සිට මහ වැසි

Editor O

සුවය ලැබූ තවත් නාවික සෙබළුන් පිරිසක් රෝහල් වලින් පිට වෙයි

Mohamed Dilsad

පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා එෆ්ඩීජී නිෂ්පාදනයට ආයෝජන සැපයීමේ ගිවිසුමක්

Editor O

Leave a Comment