විදෙස්

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ බයිඩන් ඉදිරියෙන්

(UTV |ඇමෙරිකාව) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතා තියුණුම මුහුණුවරක් ගෙන ඇති බව විචාරකයෝ පවසති.

ඊට හේතුව වී ඇත්තේ මෙවර වසර 100කට පමණ පසු ඇමෙරිකානු ජනාධිපතිවරණයක දී වාර්තා වන වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා විය හැකි නිසාය.

විදෙස් වාර්තා පවසන්නේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව තරඟය කරට කර බවක් පෙනී යන බවයි.

විශේෂයෙන්ම පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත 23ක් ජය ලබනු ඇති බවට අනුමාන කෙරේ.

ඊට ටෙක්සාස්, ඔහායෝ, සහ ෆ්ලොරිඩා වැනි ප්‍රාන්ත ඇතුළත්ය. ට්‍රම්ප් මෙතෙක් ලබාඇති ජයග්‍රහණ විශ්ලේෂකයින්ගේ මත බිඳ හෙළීමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම ජන්ද ගණන් කිරීමේදී වංචා සිදු වී ඇති බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර තිබේ. තමා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ධවල මන්දිරයේදී සිය පාක්ෂිකයින් අමතමින් ඔහු ස්නාදහන් කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පැවසුවේ, “ඔවුන් මෙම මැතිවරණය සොරකම් කිරීමට උත්සහ දරනවා,” යනුවෙනි.

නමුත් තවත් ඡන්ද මිලියන ගණනක් ගණන් කිරීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඇරිසෝනා ප්‍රාන්තය සහ ඩිමොක්‍රටික් පක්ෂයට හිතවාදී ප්‍රාන්ත කිහිපයක් ජයගනු ඇති බවට විශ්වාස කෙරේ.

මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ජයලබා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 213කි.

මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නම් ට්‍රම්ප් හෝ බයිඩන් කොට්ඨාස 270ක් ජයගත යුතුය.

අවසාන ඡන්ද ප්‍රතිඵලය නිකුත්වීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බව සඳහන් වේ.

Related posts

මුහුණු පොතේ තවත් වෙනසක්

Mohamed Dilsad

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පාකිස්ථානයට

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment