විදෙස්

මුහුණු පොතේ තවත් වෙනසක්

(UTV | කොළඹ) – ෆේස්බුක් සමාජ ජාලය පරිශීලකයින්ගේ පෞද්ගලික ආරක්ෂක හේතුන් මත අලුත් තීරණයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඒ මුහුණු පොතේ ඇති facial recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කිරීමයි.

මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබෙනවා.

පරිශීලකයන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම නිවේදනයෙහි සඳහන් වෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව මින් ඉදිරියට කිසියම් අයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු වන්නේ නැහැ.

facial recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබෙනවා.

Related posts

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකා කොරියා සාකච්ඡා සිංගප්පූරුවේදී

Mohamed Dilsad

Leave a Comment