දේශීය

නැනෝ නයිට්‍රජන් දෙවන පොහොර තොගය අද දිවයිනට

(UTV | කොළඹ) –  ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 24ට අදාළ 2 වන පොහොර තොගය අද ගුවන් මගින් මෙරටට ලැබීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කියා සිටියේ, නැනෝ නයිට්‍රජන් පළමු පොහොර තොගයෙන් පොහොර හිමි නොවූ ගොවීන්ට මෙම පොහොර ලබා දෙන බවයි.

මීට පෙර මෙරටට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගයේ පොහොර බෝතල් ගොවීන්ට බෙදා දීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා.

Related posts

ඩකා සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

කෝටි 16 ක හෙරොයින් සමග සැකකරුවන් 07 ක් මාරවිලදී අල්ලයි

Mohamed Dilsad

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment