ගොසිප්

ඇමති ධුර දාලා යන්නත් සූදානම් – දයාසිරි

(UTV | කොළඹ) – මහජන මන්ත‍්‍රණ සභාව හරවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂ දහය සිදු කරන්නේ ආණ්ඩුවේ සිකුරුටි රස්සාවක් නොවන බව සියලු දෙනා මතක තබාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

‘ආණ්ඩුව වැරදි ගමනක යනවනම් අපිට ඇමති ධුරවලින් ඉවත් වෙන්න කාලයක් එන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව හදාගන්න පුළුවන් සියලු දේ අපි කරනවා. අපි මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙන පක්ෂයක්. අපිටත් වඩා වාසු, විමල්, උදය ඇමතිවරුන් ඊට දායක වුණා. ඒකයි ඔවුන්ට වේදනාව තියෙන්නේ’

රටේ වගකීමක් ඇති තනතුරුවලට ද්විත්ව පුරවැසියන් සිටින එකට පක්ෂයක් ලෙස විරුද්ධ බවත් ප‍්‍රාදේශීය සභා තනතුරකට වත් ද්විත්ව පුරවැසි පත් නොකළ යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවත් ඔහු සදහන් කරයි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වන කරුණු ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා වූ පොරොන්දුව මත 20 වෙනි සංශෝධනයට එකඟ වූ බවද ඔහු පැවසීය.

නමුත් එම සංශෝධනයට අත එසවීම ගැන අදත් හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් තමන්ට ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

උපන් දිනය දා රන්ජන් තැබූ ෆේස්බුක් සටහන

Mohamed Dilsad

Leave a Comment