දේශීය

සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකු ද සිට ඇත.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

තවත් ගම්මානයක් හුදකලා කරයි

Mohamed Dilsad

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

රජයේ අවධානය ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට

Mohamed Dilsad

Leave a Comment