දේශීය

විශ්ව විද්‍යාල විභාග ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

කොරෝනා වසංගතය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාමට එම පියවර ගන්නා බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මේ පිළිබදව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු දැනුවත් කිරීමට සහ ඊට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

Editor O

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment