ගොසිප්

වත්තලින් කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගනී

(UTV |කොළඹ) – වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ 4 ක පුද්ගලයන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ මෙම අසාදිතයන් අතරින් 9 දෙනකු මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩි‍්‍රක්ස් ආයනයේ සේවකයන් වන අතර ඉතුරු පිරිස ඔවුන්ගේ සමීප ආශ‍්‍රිතයන් බවයි.

මෙසේ කෙරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ වත්තල ප‍්‍රදේශයේ හැඳල, කෙරවලපිටිය, බලගල, හේකිත්ත සහ වැලිසර කොට්ඨාසවලිනි.

මේ අතර කෙරවළපිටිය ප‍්‍රදේශයේ නිවාස අටක සාමාජිකයක් 52 පිරිසක් තම නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළාය.

Related posts

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වීමේ අවධානමක්

Mohamed Dilsad

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

Mohamed Dilsad

මාලිංග ඉදිරියේදී අලුත් මුහුණුවරකින් ක්‍රිකට් ක්‍රීඩාවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment