ගොසිප්

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වීමේ අවධානමක්

(UTV | කොළඹ) – සෑම සතියකට වරක් මෙරට තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන බව මහාචාර්ය නිලීකා මලවිගේ පවසයි.

මේ වන විට විවිධ රටවල නව කොරෝනා ප්‍රභේද ඇති වෙමින් තිබෙන නිසා මෙම පරීක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරන බවත් , ඇතැම් විට ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය විය හැකි බවත් ඇයගේ මතයයි.

මේ හේතුවෙන් මෙතෙක් මසකට වරක් පවත්වනු ලබන මෙම පරීක්ෂණය ඉදිරියේදී සෑම සතියකම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

එමෙන්ම කොළඹින් පිට ප්‍රදේශවල කොරෝනා අනුපොකුරු නිර්මාණය වීමේ අවදානම වැඩිවෙමින් පවතින බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

 

Related posts

අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් කියයි

Mohamed Dilsad

මගීන්ට මුත්‍රා ඉස ශ්‍රී ලාංකික කත රිමාන්ඩ්

Mohamed Dilsad

ආනයනය අත්හිටවූ භාණ්ඩ මෙන්න

Mohamed Dilsad

Leave a Comment