දේශීය

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ

(UTV | කොළඹ) – PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (14) දිනයේ දී අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ , අදාළ ඉල්ලීම පිළිබඳ සියලු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට ඊයේ දිනයේදීම දැනුම්දුන් බවයි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, ගාල්ල, කොළඹ, යාපනය සහ පේරාදෙණිය වෛද්‍ය පීඨවල PCR පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට සැළසුම් කර තිබේ.

 

Related posts

උසස්වීම් ඉල්ලා පොලිස් සැරයන්වරු පිරිසක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

හීනටියන ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට.පිරිසක් රෝහලේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment