දේශීය

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

(UTV| කොළඹ) –  ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙම මස 11 වෙනිදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයත් එමෙන්ම 12 වෙනිදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් ද හෙට දිනයේදී තීරණය කිරිමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

මිනුවන්ගොඩ ඇඟලුම් ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 321 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර, තවදුරටත් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Editor O

ඥානසාර හිමියන්ගේ නඩුව යළිත් කැඳවීමට නියෝග

Mohamed Dilsad

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment