දේශීය

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

(UTV| කොළඹ) –  ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙම මස 11 වෙනිදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයත් එමෙන්ම 12 වෙනිදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් ද හෙට දිනයේදී තීරණය කිරිමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

මිනුවන්ගොඩ ඇඟලුම් ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 321 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර, තවදුරටත් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment