දේශීය

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

ඒ, සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන විමසුමට ලක්කරමින් ය.

සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිසක් තෝරා ගැනීමට පියවර ගතයුතු යැයි ද ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

දිස්ත්‍රික්ක රැසක පාසල්වල පවතින ගුරු හිඟය පියවීමට නව පත්වීම්ලාභීන් අනියුක්ත කිරීමටද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට හිරු මුදුන් වෙයි

Mohamed Dilsad

වැඩ කිරීම වරදක් ලෙස දකින කණ්ඩායම් රට තුළ සිටීම ගැන කණගාටුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment