ගොසිප්

වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාත් සිත් තැවුලෙන්

(UTV |පදියතලාව) – අමාත්‍ය ධුර බෙදීයාමේ ගැටළු නැතුවාම නොවන බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැනද ගැටළු තිබුණද ඒ ගැන කතා නොකර සිටින බව ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(17) පදියතලාවේ දී පැවැති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

කළකිරීමක් ඇතත් කලබල වන්න එපා යයි සහෝදර ඇමතිවරුන් තමන්ට පැවසූ බවද ඔහු පැවසීය.

එනිසා ඉවසීමෙන් පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියට කටයුතු කල යුතු බවත් සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට සිදුවූ දෙය පොහොට්ටුවට වේ යයි කිව නොහැකි නිසාත් ඉවසීමෙන් කටයුතු කළ බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

 

Related posts

ඇය රටට ආඩම්බරයක් ගෙන්න සුදානම්

Mohamed Dilsad

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

Mohamed Dilsad

Leave a Comment