විදෙස්

ඉන්දියාවේ කොරෝනා මරණවලින් හතරෙන් එකක්ම දින 17 ක් තුළ

(UTV| ඉන්දියාව) – දකුණු ආසියාව තුළ කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (17) දින 50,000 සීමාව ඉක්මවූ අතර , එම මරණවලින් හතරෙන් එකක්ම දින 17 ක් තුළදී සිදුව ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.   

ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය සහිත රට පසුගිය සතියේ බ්‍රිතාන්‍යය අභිභවා යමින් ලොව සිව්වැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස එක්සත් ජනපදය, බ්‍රසීලය සහ මෙක්සිකෝවට පසුපසින් සිටියි.

කෙසේ වෙතත් බොහෝ විශේෂඥයන් පවසන්නේ අඩු මට්ටමේ පරීක්ෂණ හේතුවෙන් සැබෑ සංඛ්‍යා බෙහෙවින් වැඩිවිය හැකි බවය.

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

නමුත් විශේෂඥ මතය වී ඇත්තේ, ඉන්දියාව තුළ සෞඛ්‍ය පද්ධතිය දුර්වල හෝ පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ග්‍රාමීය හා දුරබැහැර ප්‍රදේශවලට වෛරසය ව්‍යාප්ත වන හෙයින් තවදුරටත් වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව පරීක්ෂණ වේගවත් කිරීමට පියවර ගතයුතු බවය.

Related posts

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

හමාස් සටන්කාමීන්ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment