දේශීය

නව වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු අද සිට

(UTV | කොළඹ) – නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ කටයුතු අද (06) සිට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව අද සිට ලබන 23 දින දක්වා කාලය තුළ දින 05 ක් කෝප් කමිටුව රැස්වීමට නියමිතව තිබෙන අතර , අද කෝප් කමිටුව හමුවට කැදවා ඇත්තේ සීමාසහිත ලංකා ගල් අගුරු සමාගමේ නිලධාරීන්වයි.

2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සදහා සීමාසහිත ලංකා ගල් අගුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්ව එහි නිලධාරීන් අද පස්වරුවේ කෝප් කමිටුව වෙත කැදවීමට නියමිතව ඇත.

Related posts

රිශාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය ඉහළ ට

Editor O

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දරුණුම කඩාවැටීමක්

Editor O

Leave a Comment