දේශීයව්‍යාපාරික

මහ බැංකුව ඩොලර් බිලියනයක් වටින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවයි

(UTV | කොළඹ) –  2020 ඔක්තෝබර් 02 වනදා එනම් ඊයේ දින, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවීම සාර්ථකව නිම කර ඇති බව දැනුම් දෙයි.

මෙම පියවීම මගින් විදේශීය වගකීම් නිසි ලෙස පියවීම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කෙරෙන අතර, එමගින් ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ණය සේවාකරණය පිළිබඳව ඇති නොකැළැල් වාර්තාව එලෙසම පවත්වා ගෙන යාමට මෙරට රජයට ඇති හැකියාව සහ කැමැත්ත සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින්ට පැවතිය හැකි ගැටලු දුරලීමත් සිදු කරයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑත කාලීන ධනාත්මක වර්ධනයට සහ මෙම බැඳුම්කර පියවීමට මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ දැනටමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත.

 

Related posts

ශ්‍රී ලංකා රුපියල 3% කින් අධිප්‍රමාණය වෙයි

Mohamed Dilsad

රථයක් පෙරළීමෙන් අට දෙනෙකුට තුවාල

Mohamed Dilsad

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට ටෝකන් ක්‍රමය

Mohamed Dilsad

Leave a Comment