දේශීය

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

(UTV | කොළඹ) –  නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවට තොරතුරු වාර්තා වුවද එය මේ වනවිට රැගෙන යමින් ඇත්තේ මැදපෙරදිග මුහුදු කලාපයට බවට වාර්තා වෙයි.

නෞකාවේ පවතින ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමේ අරමුණින් නැව පැමිණි මාර්ගය ඔස්සේ මෙලෙස යළි රැගෙන යමින් පවතියි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට තවත් දින 4 ක් පමණ ගත වනු ඇති බවට වාර්තා වෙයි.

නෞකාව මේ වනවිට මැදපෙරදිග දෙසට ඇදගෙන යාම සිදුකරන අතර, ඊට නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර යන නෞකා දෙක ද සම්බන්ධ වී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

 

Related posts

නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

Editor O

පළාත් පාලන මැතිවරණය අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ චක්‍රලේඛයක්

Editor O

නිරෝධායනය අවසන් කළ තවත් 93 ක් අද නිවෙස් වෙතට

Mohamed Dilsad

Leave a Comment