දේශීය

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – හෙට (1) සිට සිම්පත් හරහා දුරකථන ජාලවලට සම්බන්ධ වන ඕනෑම ජංගම උපකරණයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි විය යුතුවේ.

මෙලෙස අනුමැතිය ගැනීම අනිවාර්ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.

මේ වන විටත් මෙරට මොබයිල් ජාලයට දැනටමත් සම්බන්ධ කර ඇති සිම් කාඩ් පතක් භාවිතයෙන් ක්‍රියාත්මක වන දුරකථන උපකරණ සඳහා මෙය අදාළ නොවේ.

වෙනත් ක්‍රම හරහා ආනයනය කරන ලද හෝ රට තුළට ගෙන එන උපාංගද මෙම ක්‍රම වේදයට අනුව ලියාපදිංචි කල යුතු වේ.

මෙලෙස ලියාපදිංචිවීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ http://www.trc.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් කළ හැක.

“විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ සිදුවෙමින් පවතින බහුවිධ තාක්‍ෂණික වර්ධනයන් නිසා වෙළඳපල ස්ථානයේ කොන්දේසි අනුව විදුලි සංදේශ නියාමනය වෙනස් වේ.

මේ නිසා ඉදිරියේදී  සිම් කාඩ් පත් යොදා ක්‍රියාත්මක වන විදුලි සංදේශ උපකරණ මිලදී ගන්නා විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ විසින් නිකුත් කරන ලද විකුණුම් බලපත්‍රයක් ඇති අලෙවිකරුවන්ගෙන්  පමණක් මිලදී ගන්නා ලෙස උපදෙස් ලබා දෙයි.

එම පුද්ගලයින්ට තම නිෂ්පාදන අලෙවි කළ හැක්කේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත ස්ටිකරයක් සමඟ පමණි.

එය පරීක්‍ෂා කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  (IMEI <15digit IMEI අංකය ටයිප් කර පසු 1909 ට කෙටි පණිවිඩයක් යවන්න.

 

Related posts

සත්ත්ව සංගණන වාර්තාවේ තොරතුරු නිවැරැදි නොවන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කියයි.

Editor O

වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

Mohamed Dilsad

රට ගොඩනග වැඩපිළිවෙලට සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය දෙන්න. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment