දේශීය

ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ රනීතා ඥාණරාජාට

(UTV | ඇමරිකාව) – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා ලබාදුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය දිනා ගන්නට මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා සමත් විය.

රනීතා අදාළ සම්මානය ලබා ගත්තේ ඇමෙරිකානු ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් අතින්.

රනීතා ඥාණරාජා, බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් ඇතුළු විවිධ අසාධාරණයන් හමුවේ පීඩාවට පත් වූ පවුල් සහ පුද්ගලයන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර ලබාදුන් නීතීඥවරියක්.

ගත වූ වසර 15 තුළ ලොව රටවල් 75 කට අධික සංඛ්‍යාවක දිරිය කතුන් 155 ට අධික සංඛ්‍යාවක් ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පිළිගැනීමට ලක්ව මෙම සම්මානය දිනාගෙන ඇත.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය තේරී පත්විය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක වන බවය.

 

Related posts

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

හය ශ්‍රේණියේ, ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක් ගැන සටහනක්

Editor O

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment