Trending News

පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කරයි

(UTV | කොළඹ) – මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද (09) සහ හෙට (10) යන දින දෙකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

මාර්තු 11 වැනිදා මහ ශිවරාත්‍රී දිනය යෙදීම හේතුවෙන් නිවාඩු දිනයක් යෙදී තිබීමත් ඒ අනුව 12 වැනි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමත් අවලංගු කෙරිණි.

10 වැනිදා පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතය. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනය අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙබ් අඩවිය එළි දැක්වීම සිදු කිරීමට නියමිතය.

 

Related posts

வாக்கு சீட்டுக்களை அச்சிடும் பணிகள் – 4 நாட்களில் நிறைவு

Mohamed Dilsad

கைத்தொழில் மற்றும் வர்த்தகம், நீண்டகால இடம்பெயர்ந்தோர் மீள்குடியேற்றம், கூட்டுறவு அபிவிருத்தி அமைச்சராக ரிஷாட் பதியுதீன்

Mohamed Dilsad

11 districts face severe water crisis

Mohamed Dilsad

Leave a Comment