Trending News

පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කරයි

(UTV | කොළඹ) – මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද (09) සහ හෙට (10) යන දින දෙකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

මාර්තු 11 වැනිදා මහ ශිවරාත්‍රී දිනය යෙදීම හේතුවෙන් නිවාඩු දිනයක් යෙදී තිබීමත් ඒ අනුව 12 වැනි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමත් අවලංගු කෙරිණි.

10 වැනිදා පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතය. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනය අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙබ් අඩවිය එළි දැක්වීම සිදු කිරීමට නියමිතය.

 

Related posts

குப்பைகளை சேகரிக்கும் நேரத்தில் மாற்றம்

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්නේ නැහැ – හිටපු ජනාධිපති චන්ද්‍රිකා

Editor O

மேகன் மெர்க்கல் கர்ப்பம்…

Mohamed Dilsad

Leave a Comment