දේශීය

අභ්‍යාසලාභී කාන්තා නිලධාරිනියන්ගේ ප්‍රසුත නිවාඩු කප්පාදුවක්

(UTV |කොළඹ) – මේ වන විට රාජ්‍ය සේවයට එක්ව සිටින අභ්‍යාසලාභී කාන්තා නිලධාරිනියන්ට ලබා දෙන දින 84ක ප්‍රසූත නිවාඩුව දින 42 දක්වා අඩු කර ඇතැයි සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

2013 දක්වා රාජ්‍ය සේවයට එක්වන විශේෂයෙන් ම උපාධිධාරීන් බඳවා ගැනීම්වලට අදාළ වන කාන්තාවන්ට දින 84ක ප්‍රසූත නිවාඩුවක් හිමි විය.

බිහි වන නව ළදරුවෙකුට මව්කිරි මාස 6ක් දීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබියදී මෙවැනි අකාරුණික පියවරක් ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අද (30දා) පෙරවරුවේ සෞඛ්‍ය ලේකම්වරයාට හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරියට කරුණු දක්වා සංදේශ භාර දුන් බව එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි පවසයි.

Related posts

මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

Mohamed Dilsad

දිනකට අට දෙනෙකුට ජීවිතය එපාවෙයි..?

Editor O

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment