දේශීයවිදෙස්

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් අසූ ලක්ෂයට ආසන්න වෙයි

(UTV | කොවිඩ් 19 ) –  මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අසූ ලක්ෂයට ආසන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

අසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ නවලක්ෂ 82,822ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ හාරලක්ෂ 35,166 ක් ලෙසයි.

ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 17,853ක් ලෙස දැක්වෙන අතර, නව ආසාදිතයන් 19,830 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව විසි එක්ලක්ෂ 62,054 ක් ලෙස වාර්තා විය.

රුසියාවේ නව මරණ 119 ක් සමග සමස්ත මරණ සංඛ්‍යාව 6,948 ක් ලෙස දැක්වෙන අතර, නව ආසාදිතයන් 8,835ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවුණේ පන්ලක්ෂ 28,964 ක් ලෙසයි.

ඉන්දියාවෙන් නව මරණ 321 ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 9,520ක් ලෙස සටහන් වූ අතර, නව ආසාදිතයන් 11,382ත් සමඟ එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 33,008ක් ලෙස සටහන් විය.

ඉන්දියාව ලොව වැඩිම අසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර හතරවන ස්ථානයේ පසුවෙයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුළ පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබේ.

ඒ අනුව අද සිට එරට ආපනශාලා සහ සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලුම ආයතන විවෘත කිරීමටයි රජය පියවර ගෙන ඇත.

එමෙන්ම වැඩිහිටි නිවාසවල සිටින තම දෙමාපියන් මුණගැසීමටද එරට ජනතාවට අවස්ථාව ලබාදී ඇති අතර, යුරෝපීය රටවල් සඳහා දේශසීමා විවෘත කිරීමටද ප්‍රංශය කටයුතු කර තිබේ.

මේ අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කළේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණදීමට තම රජයට හැකිවූ බවයි.

Related posts

අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් කළ කතාව

Editor O

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් 44259 දක්වා ඉහළට

Mohamed Dilsad

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සී වී විග්නේෂ්වරන් ගත් තීරණය

Editor O

Leave a Comment