Trending News

නිරෝධායනය වු තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කෝවිඩ්-19) – අද (15) දිනය තුළ නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 222 පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටව යාමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයින් 4,387 දෙනෙකු තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

මේ වන විට පුද්ගලයින් 13,875 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

Editor O

සමුද්‍රීය අංශයේ සහයෝගීතාවය සඳහා වූ වේදිකාවක්

Mohamed Dilsad

புதுடில்லியில் இலங்கை இராணுவத்தின் வெசாக் பந்தல்

Mohamed Dilsad

Leave a Comment