Trending Newsඑසැන පුවත්දේශීය

අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් කළ කතාව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධව අද (20) විශේෂ අදහස් දැක්වීමක් සිදුකළේය.

ඒ එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අදාළ පැමිණිල්ල වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වර්තමාන ලේකම් විසින් සිදුකර ඇති බවය.

කෙසේ නමුත් තමන් අදාළ නිල සංචාරය අවසන් කර එංගලන්තය වෙත පැමිණි බවත් එහි එක් රැයක් ගත කර නැවත කොළඹ බලා පැමිණි බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන් නිල සංචාරයක් වන බවය.

එමෙන්ම තමන්ට ලැබී තිබූ නිල ආරාධනාවත් තමන් එහි සිටි නිසා පිළිගත් බවත් ආරාධනාවත් නොතිබුණද එදා තමන් එංගලන්තයේ රැඳී සිටිනු ඇති බවත්ය.

“මම දැනගත්තා මට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා කවුද පැමිණිල්ල කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ වර්තමාන ලේකම්. ඕක උඩ මාව අරගත්තා. ඒ වෙලාවේ සියලු දෙනා රැස්වුණා. ඒ වෙලාවේ ආව සියලු දෙනාට මගේ ස්තූතිය මේ මොහොතේ පුද කරනවා…. මම 2022 රට භාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදනය කීයද බිලියන 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙනකොට බිලියන 98.9 වෙන මොකක්වත් නෙමේ ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොනාටද මේවා අරගන්නේ මට වැඩක් නැහැ. දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්. අපි ඉන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක. ඉන්දියාවෙත් ඒ ක්‍රමය, එංගලන්තයෙත් ඒ ක්‍රමය. දැන් මේක නැති කරන්න හදනවා. මොකක්ද කියන්නේ මේ රටේ හොරු කියලා ඔක්කොම අරගන්න යනවා. ජාතික විගණන නීතිය අපියි 2018දී සම්මත කළේ. 2022 ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ දූෂණය. ඒ නිසා දූෂණ විරෝධී පනත ගෙනල්ලා අපියි සම්මත කළේ…. දූෂණය විරුද්ධව ක්‍රියා කරන එකට අපි කවුරුවත් විරුද්ධ නෑ. ඒක අපියි අඩිතාලම පටන් ගත්තේ.. දැන් මේක දූෂණයට සීමා වෙලා නෑ. සමහර තැන්වල දූෂණයට මුවා වෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්ෂනායකයින් නිෂ්ශබ්ද කරලා තමයි ඒකාධිපතිවාදය හදන්න යන්නේ… ඒ අය හිතන්නේ අපි බයවෙයි, මේකට යටත් වෙයි කියලා.. දැන් කතා කරලා කියන්නේ අවුරුදු 78ක් මොනවාද කළේ කියලා අපි නිදහස ලැබුවාට පස්සේ ඩී.එස් සේනානායක අගමැතිතුමා යටතේ මධ්‍ය මහා විද්‍යාල 50ක් හැදුවා දැන් 1000ක් තියෙනවා. 987ක් තිබුණා 2023දී ඒ කියන්නේ 1948 ඉඳන් අපි එක මාසෙක එක මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා…. අද කොහෙද විදුලි බලය නැත්තේ,  හැම ගෙදරම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. එහෙම තියන එක දකුණු ආසියානු රටක් මට කියන්න. මේකද හොරකම…..”

https://www.facebook.com/share/v/17Fo9rTfuV

Related posts

මහා පරිමාණ වී මෝල් හිමියන්ට පාඩමක් උගන්වන බව ඇමති වසන්ත සමරසිංහ කියයි.

Editor O

Serena to take it one major at a time after clinching open record

Mohamed Dilsad

அங்குணகொலபெலஸ்ஸ சிறைச்சாலையின் சிறைச்சாலை அதிகாரி பணி நீக்கம்

Mohamed Dilsad

Leave a Comment