Trending Newsඑසැන පුවත්දේශීය

මහා පරිමාණ වී මෝල් හිමියන්ට පාඩමක් උගන්වන බව ඇමති වසන්ත සමරසිංහ කියයි.

මහා පරිමාණ වී මෝල් හිමියන්ට පාඩමක් ඉගැන්වීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් 40,000 ආනයනය කිරීමට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සැලසුම් කර ඇත.

රට තුළ කීරි සම්බා සහල් හිඟයක් නිර්මාණය කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් ක්‍රියා කරමින් සිටින බව පවසන වසන්ත සමරසිංහ මහතා ඒ තත්ත්වය තවදුරටත් පැවතුනොත් දෙසැම්බර් මාසය වන විට සහල් තොගය මෙරටට ගෙන්වන බව අවධාරණය කළේය.

අනුරාධපුර දිස්‍ත්‍රික් ලේකම් කර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළ ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ වී සඳහා ඉතිහාසයේ නොවූ විරූ ඉතා ඉහළ මිලක් වත්මන් ආණ්ඩුව විසින් ලබාදී ඇති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉන් ජනතාවට අත්වෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය කෙරිණි.

දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ඇතැම් සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් විධිමත් ආකාරයට මහජන නියෝජිතයින් දැනුවත් වීමක් සිදු නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ට චෝදනා එල්ල කළේය.

Related posts

Bond scam report to be released in Sinhala, Tamil within 2 weeks

Mohamed Dilsad

මිළඟ ජනාධිපති කවුද…?

Editor O

ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment