දේශීය

20ට එරෙහි පෙත්සම් 39 වෙයි

(UTV |කොළඹ) –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක් ගොනු කර තිබේ.

අද දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, ඇතුළු තවත් පාර්ශව විසින් තවත් පෙත්සම් 21ක් ගොනු කර ඇති බව වාර්තාවේ.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම් හෙට(29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු රැස්වීම් කාලය වෙනස් කෙරේ

Mohamed Dilsad

ජනපති බ්‍රිතාන්‍ය බලා පිටවෙයි

Mohamed Dilsad

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන සඳුදා සිට යළිත්

Mohamed Dilsad

Leave a Comment