කලාවිදෙස්

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

(UTV | ජපානය) – ජපානයේ සම්මානනීය නිළියක වන 40 හැවිරිදි යූකෝ ටකෙයුචි ටෝකියෝහි පිහිටි තම නිවසේදී සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

චිත්‍රපට හා ටෙලි කතා මාලා සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති යූකෝ රටවල් ගණනාවක විකාශය වූ ෆීමේල් ෂර්ලොක්හෝම්ස් කථා මාලාවේ ප්‍රධාන චරිතයද නිරූපණය කළාය.

2004 සහ 2007 අතර කාලයේ ජපානයේ හොඳම නිළිය සම්මානය ද ඇය විසින් වසර තුනක් එක දිගට හිමිකරගෙන ඇත.

යූකෝ ටකෙයුචිගේ ස්වාමි පුරුෂයා වන ජනප්‍රිය නළු ටායිකි නකෙබයාෂි ප්‍රකාශ කර ඇත්තේ සියදිවි හානිකරගෙන සිටි යූකෝගේ දේහය තම නිවසේ කාමරයක තිබී හමුවූ බවයි.

Related posts

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඉන්දියාවේ ඊ-සිගරට් තහනම් කෙරේ [VIDEO]

Mohamed Dilsad

බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක්- බොරිස් ජොන්සන් [video]

Mohamed Dilsad

Leave a Comment