දේශීය

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

(UTV | පුත්තලම) – පුත්තලම පොලිස් වසමේ කරඹ කළපුව ආසන්නයේදී  ඊයේ (26) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 400 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රත්‍රං තොගය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක් පමණ බරින් යුක්ත වන බව පුත්තලම පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු එම රත්‍රන් තොගය ඉන්දියාවට යැවීමට සූදානමින් සිට ඇති බවට සැක කෙරේ.

 

Related posts

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරයට ස්ථාන මාරුවක්

Editor O

සුදු මැස්සාගෙන් තැඹිලි වගාවට බලපෑම්

Editor O

Leave a Comment