දේශීය

අල්ලස් ගත් මිනුම්දෝරු දෙපාර්තමේන්තු සේවිකාවක් අත්අඩංගුවට

(UTV |බලංගොඩ) – මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂකවරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බලංගොඩ නගරයේදි රුපියල් 12,600ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදීය.

ලබන වසර සඳහා විද්‍යුත් තරාදි 42ක බලපත්‍ර අලුත් කිරීමට නියමිත මුදලට වඩා එක් තරාදියකට රුපියල් 300 බැගින් අදාළ මුදල ලබාගැනීමට තැත් කිරීමේදි ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසයි.

Related posts

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment