දේශීය

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

(UTV | පුත්තලම) – පුත්තලම පොලිස් වසමේ කරඹ කළපුව ආසන්නයේදී  ඊයේ (26) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 400 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රත්‍රං තොගය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක් පමණ බරින් යුක්ත වන බව පුත්තලම පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු එම රත්‍රන් තොගය ඉන්දියාවට යැවීමට සූදානමින් සිට ඇති බවට සැක කෙරේ.

 

Related posts

සාමාන්‍ය පෙළ පාසල් ප්‍රතිඵල ලේඛන අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි.

Editor O

Leave a Comment