දේශීය

පාස්කු ප්‍රහාරයට අදාළව හේමසිරි සහ පූජිත්ට එරෙහි විමර්ශන අවසන්

(UTV | කොළඹ) – පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැර මිනීමැරීම යන චෝදනාව මොවුන්ට එරෙහිව එල්ල වී ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් බැවින් මොවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ඊට අදාළව විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ.

Related posts

අය-වැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Editor O

විදුලි කප්පාදුව ගැන අද අවසන් තීරණ

Mohamed Dilsad

අර්ථසාධක නොගෙවූ ආයතන අටකට නඩු

Editor O

Leave a Comment