ගොසිප්

රැඳවියෙකුගේ ගුද මාර්ගයෙන් සොයාගත් දුරකථනය

(UTV |කොළඹ) – රත්තරන් සහ මත්ද්‍රව්‍ය අඩංගු ගුලි ගුද මාර්ගයේ සඟවාගෙන යන පුද්ගලයින් පිළිබඳව ඔබ අසා ඇත්ත මෙවැනි පුවතක් ඔබ මීට පෙර අසා නොමැති වන්නට ඇත.

මෙම පුවත් වාර්තා වන්නේ කොළඹ ජාතික රෝගලෙනි.

බන්ධනාගාරවල ජංගම දුරකථන භාවිතය තහනම් වන අතර රැඳවියකු තම ගුද මාර්ගයේ ජංගම දුරකථනයක් සඟවා ගෙන තිබේ.

එය ඉවතට ගැනීමට වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට අපහසු වීම හේතුවෙන් පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මෙම රැඳවියා මත්කුඩු වලට සම්බන්ධ නඩුවකට අධිකරණයට ගෙන ගෙනගොස් නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටියදී මෙම දුරකථනය කිසියම් අයෙකුගෙන් ලබාගෙන ගුද මාර්ගයේ සඟවා ගෙන ඇති බවයි.

පසුව සැකකරු අපහසුතාවයෙන් පෙළීම නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කල නමුත් එය ඉවතට ගැනීමට බන්ධනාගාරයේ වෛද්‍යවරුන්ට නොහැකි වීම මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Related posts

ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්න කියයි

Mohamed Dilsad

ලෝකේම අවධානය ගත් අරගලයට වාරණ නියෝගයක්?

Mohamed Dilsad

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

Mohamed Dilsad

Leave a Comment