දේශීය

පාර්ලිමේන්තුව අද 10ට රැස්වේ

(UTV |කොළඹ) –  පාර්ලිමේන්තුව අද (22) යළි රැස්වේ.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදුවේ.

පස්වරු 4.30 සිට 5.30 දක්වා කාලය සභාව  කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු ප්‍රශ්න වාරය අද සිට ආරම්භ වන අතර එය පෙරවරු 10.00 සිට 11.00 දක්වා පැවැත්වේ.

මේ අතර අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්” කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඊට නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම අද සිදු කෙරේ.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Related posts

රාජිතට නොතිසි දීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 21

Mohamed Dilsad

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

Leave a Comment