දේශීය

රාජිතට නොතිසි දීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 21

(UTV | කොළඹ) –  රාජිත සේනාරත්න මහතාට ඇප දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කල ප්‍රතිශෝධන අයදුම්පතට අදාළව මන්ත්‍රීවරයාට නොතීසි නිකුත් කිරීම හෝ නොකිරීම සම්බන්ධ තීන්දුව ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (17) දැනුම් දුන්නේය.

ඒ , මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදීයි ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ අවස්ථාවේයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කියාසිටියේ මන්ත්‍රීවරයාට ඇප ලබා දී ඇත්තේ ස්වභාවික යුක්ති ධර්මයට පටහැණිව බැවින් ඇප ලබාදීම අවලංගු කරන ලෙසටයි.

කෙසේවෙතත් රාජිත සේනාරත්න මහතාගේ නීතීඥවරයා ඉල්ලා සිටියේ එම ඉල්ලීම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසටයි.

සිය සේවාදායකයාට නොතීසි නිකුත් නොකරන්නැයිද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related posts

හිරුනිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි [UPDATE]

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලමින් තෙවන දිනටත් විරෝධතා [VIDEO]

Mohamed Dilsad

කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක් ජලයෙන් යටවී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment