දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක්

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයන් 12 දෙනෙකු ඊයේ (21) දිනයේදී තහවුරු වීමත් සමගයි.

මෙම පිරිස අතර මාලදිවයිනේ සිට පුද්ගලයෙක් ද , එක් අයෙකු මහා බ්‍රිතාන්‍යයේ සිටද , තවත් ආසාදිතයෙක් සවුදි අරාබියේ සිටද , අනෙක් දෙදෙනා ඉන්දීය ජාතික නැවියන් දෙදෙනෙකු ද වෙයි.

මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේශිකයන් 10 දෙනෙකු ඇතුලු 186 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එමෙන්ම සුවය ලැබූ සමස්ත ගණන 3100 ක් දක්වා ද ඉහළ ගොස් ඇත.

Related posts

රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිෂම හමුවට

Editor O

සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න

Mohamed Dilsad

මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment