විදෙස්

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි නගරයේ මහල් 03 කින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අද අලුයම 03.40 ට පමණ මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 31 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 25 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා පවසයි.

Related posts

තුර්කියේ සහන කටයුතු සඳහා යන කණ්ඩායම සූදානම් කෙරේ

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ මරණ 72 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්

Mohamed Dilsad

Leave a Comment