ක්‍රීඩා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන පළමු ඇමරිකානුවා

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන පළමු ක්‍රීඩකයා බවට අලී ඛාන් පත්විය.

උරහිසේ ආබාධයක් හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත්වූ එංගලන්ත ක්‍රීඩක හැරී ගර්නි වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස අලී ඛාන් ගිවිසුම් අත්සන් කර ඇති බව කොල්කටා නයිට් රයිඩර්ස් පිල පසුගියදා තහවුරු කළේය.

29 හැවිරිදි අලී ඛාන් පසුගියදා අවසන්වූ කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරග 12 කින් අපරාජිතව සිටි ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

පාකිස්තානයේදී උපත ලබා ඇති අලි ඛාන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි – 20 ජාත්‍යන්තර තරග 36 කට ක්‍රීඩාකර ඇත.

අලී ඛාන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සහ පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියට ද සහභාගී වී තිබේ.

Related posts

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

IPL තරඟවලියේ ලසිත් මාලිංග කඩුලු 04 බිඳ හෙලයි…

Mohamed Dilsad

තරුණියක් දූෂනය කර සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment