කලා

රොබට් පැටින්සන් නිසා ‘බැට්මෑන්’ අලුත් චිත්‍රපටය වැට උඩ

(UTV | කොළඹ) – මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබූ ’බැට්මෑන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වූ  ‘ද බැට්මෑන්’ හි ප්‍රධාන නළු චරිතයට පණ පොවන රොබට් පැටින්සන් ‘කොවිඩ්’ ආසාදිතයෙකුවීම නිසා මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු අතරමඟ නවතා දමා ඇතැයි වාර්තා වෙයි.

‘ද බැට්මෑන්’ චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ පැටින්සන් ආසාදිතයෙකු වීම හෙයින් සිය චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු දැඩි පසුබෑමකට ලක්ව ඇති බවය.

ඔවුන් පවසන්නේ පැටින්සන් වෙනුවට ආදේශක නළුවෙකු හෝ යොදා සිය චිත්‍රපටය නිමා කරන්නට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.

Related posts

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

Mohamed Dilsad

ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment