Trending News

ශිවාජිලිංගම් අද අධිකරණයට

(UTV |කොළඹ) –  අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගැනුණේ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙනි.

මියගිය එල්.ටි.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් යන අයගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කර තිබු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් උත්සවයක් පවත්වා තිබේ.

කෝපායි පොලිස් වසමේ අන්තන්කෛයි වත්ත ප්‍රදේශයේ දී මෙම “තිලීපන් ගුණ සැමරුම“ පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එහිදී ශිවාජිලිංගම් මහතා සමග තවත් පුද්ගලයෙක් ඊයේ (15) අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අතර, කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

Thikshila De Silva named in Sri Lanka’s T20 squad

Mohamed Dilsad

Police probe O/L Examination fraud in Piliyandala

Mohamed Dilsad

Music to the ears

Mohamed Dilsad

Leave a Comment