දේශීය

නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහාය

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර, එම ඉල්ලීමට සහාය ලබාදීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළකර තිබේ.

නවක වද සිද්ධීන් පිළිබඳ බුද්ධි අංශ හරහා තොරතුරු ලබාගෙන, එමගින් හඳුනාගන්නා නවකවදය ක්‍රියාත්මක කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ් අනුව සැලසුම් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල හැරගොස් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ බවත්, අදාළ කමිටු වාර්තාව තමන් වෙත මේ වනවිට ලැබී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

මෙම කමිටු වාර්තාවට අනුව විශාල පිරිසක් නවකවදය නිසා විශ්වවිද්‍යාලය හැරගොස් තිබෙන බවත්, මේ නිසා අදාළ තීරණය ලබන වසරට කල් නොදමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.

Related posts

ජනාධිපති මන්දිර ඇතුළු රජයේ බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනී.

Editor O

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment