දේශීය

‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන ඇරඹේ

(UTV | කොළඹ) – රාජ්‍ය අංශය සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14) ආරම්භ කෙරේ.

අදාළ පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන අතර දිවයින පුරා ස්ථාපිත ආරක්ෂික සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හි දී මෙම පුහුණුව පැවැත්වේ.

අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහනේ පළමු අදියරේ දී උපාධිධාරින් 10,000 ක් බඳවා ගැනීමට නියමිතය.

 

Related posts

පොදුජන පෙරමුණේ ලාංඡනය ගැන දයාසිරි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

යුගදනවි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment