දේශීය

යුගදනවි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(UTV | කොළඹ) – කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන 29 වන දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලීමට නියමිතයි.

අදාළ පෙත්සම් අද (26) මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරිණි.

අදාළ පෙත්සම් ලබන සඳුදා (29) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් – සමගි ජන බලවේගය – ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පාර්ශව 10 කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස පෙත්සම් ගොණු කර තිබෙනවා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Related posts

2019 O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment