දේශීය

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි දැනුම් දීමක්

(UTV| කොළඹ) – එළඹෙන උත්සව සමය සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙයි.   

ඒ රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියේ මෙම සිද්ධීන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

පෙරේදා දිනයේදී ද ව්‍යාජව මුද්‍රණය කරන ලද රුපියල් 5000 හොර නෝට්ටු 126 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

Related posts

ඇඳිරි නීතිය අවසන් වු වහාම සියලූම සමූපකාර විවෘත කිරීමට උපදෙස්

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

Mohamed Dilsad

මාතර නව අධිකරණ සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment