දේශීය

ගොඩනැගිල්ලක් කඩා වැටී සිරවූ කාන්තාවගේ අනන්‍යතාවය හෙළිවෙයි

ලෙබනනයේදී සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම අනතුරට ලක්ව ඇති බවය.

 

“ඊයේ දින ලෙබනනයේ බේරුෆ් නගරයට ආසන්න ප්‍රදේශයක මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමට ලක්වී තියෙනවා. මේ ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු 5දෙනෙක් සිරවී ඇති බව තමයි වාර්තා වුණේ තානාපති කාර්යාලය පැවසූ පරිදි. ශ්‍රී ලාංකික කාන්තාව අවුරුදු 65ක් පමණැති ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අපි තානාපති කාර්යාලයෙන් ලැබෙන පරිදි අදාළ පාර්ශවයට දැන්වීමට අවශ්‍ය කටයුතු කරනවා ඉදිරියේ.”

Related posts

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

පාසැල් වෑන් රථ හෙට සිට ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමේ[RELEASE]

Mohamed Dilsad

Leave a Comment