දේශීය

පාසැල් වෑන් රථ හෙට සිට ධාවනයෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) –  සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේය.

ඔහු කියා සිටින්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

“අද දිනයේත් අපි ඉතා සාර්ථක ලෙස වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා. නමුත් හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ. ඒ නිසා අපි හෙට දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා. ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි. අපි ජනාධිපතිතුමාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලන්නේ මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න කියලා. මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

 

 

 

 

Related posts

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට පැමිණෙන මගීන් දින 14ක නිරෝධායනයකට

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 320 ක්

Mohamed Dilsad

Leave a Comment