දේශීය

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමේ[RELEASE]

(UTV | කොළඹ ) – සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ.

අද (15) දින සිට නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම කවුළු තාවකාලිකව වසා දැමූ බවයි.

සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online)ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බවද එම අමාත්‍යාංශය පැවසීය.

වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ 0112784323 දුරකථන අංකය ඔස්සේ සහතික පත්‍ර ශාඛාව ඇමතීමෙන් හෝ ක්ෂණික දුරකථන අංක 1911 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Related posts

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]

Mohamed Dilsad

ඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment