දේශීය

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

(UTV | කොළඹ ) – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා දැමූ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා යුධ හමුදා මේජර් වරයෙකු වන එරන්ත පීරිස් සහ කෝප්‍රල් එස්. කේ. උළුගෙදර යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සිසිර ද ආබෘ, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි පවතින බව සඳහන් කර තිබේ.

දුරකථන විශ්ලේෂණ වාර්තා සහ වෙනත් සාක්ෂි ඔස්සේ අනාවරණය කරගත් කරුණු අනුව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කර ඇතැයි සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා ඒ අනුව ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම් විභාග නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න තවම තීරණයක් ගෙන නැහැ. – ඇමති විජිත හේරත්

Editor O

Leave a Comment