දේශීය

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණයට

(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් ප්‍රකාශ පිලිබඳ වාර්තාවක් අද (14) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමටයි.

කපිතාන්වරයා සහ නෞකාවේ සෙසු කාර්ය මණ්ඩලය මේ වනවිට ගාල්ලේ පිහිටි ආරක්ෂිත මධ්‍යස්ථානයක නිරෝධායනය සඳහා යොමුකර ඇත.

නෞකාවේ පතුල සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිමිදුම්කරුවන්, නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළ අතර , ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම පුහුණු අභ්‍යාසයක් ලෙස සලකා සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.

ආපදාවට පත් නෞකාව මේ වනවිට සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 45 ක් දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව පවසයි.

Related posts

අගමැතිගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ (හිටපු) වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇප මත මුදාහැරේ

Editor O

කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට

Mohamed Dilsad

Leave a Comment